පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ''වර්තමාන රජය පරිසරය වනසනවා, ගස්වැල් විනාශ කරනවා" යැයි මිථ්‍යාව පතුරවා රජයේ පෞරුෂත්වය වනසන්න උත්සහ දරනවා - රාජ්‍ය ඇමති ඩි.බී. හේරත්.

    මාර්තු 24, 2021

    "වර්තමාන රජය පරිසරය වනසනවා ගස්වැල් විනාශ කරනවා" යැයි මිථ්‍යාව පතුරවා රජයේ පෞරුෂත්වය වනසන්න දුර්වල විපක්ෂය උත්සහ දරන බව රාජ්‍ය ඇමති ඩි.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.

    මිල්කෝ ආයතනයේ ඌව පළාත් කලාප කාර්යාලය ඉදිකිරීමේ අවස්ථාවට එක් වෙමින් පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බී. හේරත් මහතා මේ බව පැවසුවේය.

    හාලිඇල ඉදි කෙරෙන නව කාර්යාලය සදහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 160 ක් වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාඩු ලැබීමට සලස්වා පසුගිය රජය පෞද්ගලීකරණය කිරීමට සැරසුණු මිල්කෝ ආයතනය වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලාභ ලබන දැවැන්ත රාජ්‍ය ආයතනයක් බවට පත් කරමින් සිටින බවයි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    එමෙන්ම කිරි නිෂ්පාදනයෙන් උපයා ගන්නා ලාභයෙන් කොටසක් කිරි ගොවියා නගා සිටුවීමට යෙදවීමට ද මිල්කෝ ආයතනය පියවර ගෙන තිබෙනවා. මිල්කෝ ආයතනය මගින් ක්‍රියාත්මක සමාජ ආරක්‍ෂණ අරමුදල යටතේ කිරි ගොවියන් හට හදිසි සැත්කමක් සදහා , විවාහ වීමකදී , දරුවෙකු වැඩි වියට පැමිණීමේ දී , කඩඉම් විභාග සමත්විමකදී, ආදී ලෙස දිරි දීමනා පිරිනැමෙනවා.

     

    අපි වගකීමකින් කියනවා අප රජය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයති දේවල් වත් ස්වාභාවික රක්ෂිතවත් විනාශකරන්න කටයුතු කරන්නේ නැහැ.සමාජයේ ඒ වගේ අකටයුතු සිදුවෙනව නම් ඒ පිළිබද තීන්දු තීරණ ගන්න, නීත්‍යානුකූලව කටයුතු කරන්න අපේ රජය මැලිවන්නේ නැහැ.අපේ රජය ඉදිරිපත් වන්නේ මේ පාරිසරික සාධක ආරක්ෂා කරන්නයි.ස්වාභාවික සම්පත් ‍රැකගෙන ආගමික පදනමට ගරු කරන ආගමික පරිසරයක් හදන්න කියන තේමාව යටතේයි. ඒක තමයි අපට තියෙන දැවැන්ත පෞරුෂය.

     

    යහපාලන ආණ්ඩුව පරිසරය විනාශකරන කොට,හාමුදුරුවරු හිරේදාන කොට ජනතාව පෙලගැහුනෙ නිව‍රැදි පෞරුෂයක් තියෙන ජාතික නායකයෙක් හදන්න. ඒ නායකත්වය අපි හදාගත්තා .එම නායකත්වයේ මහා පෞරුෂයට තමයි දෙවන වරටත් පරිසරය විනාශ කරනවා, ජාතික සම්පත් කොල්ල කනවා කියන මිත්‍යා චෝදනා සමාජ ගත කරන්න හදන්නේ.මේකත් හරියට ඒ කාලේ යහපාලන ආණ්ඩුව හදන්න රාජපක්ෂලාට විරුද්දව බොරුව සමාජ ගත කලාට සමානයි.

     

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ජාතික සම්පත් සුරකිමින් ගමේ ජනතාවගේ ආර්ථිකය දිරිගැන්වීම උදෙසා මිල්කෝ සමාගම ගෙනයන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවයි. වත්මන් රජය දූෂණය නැති කොට මිලියන 600 ක් පාඩු ලැබූ මිල්කෝ ආයතනය මිලියන 400 ක් ලාභ ලබන ආයතනයක් බවට පත්කර ජනතාවට සහන ලබදිමෙන්ද අඩුවක් නොකර ගෙන යන ජනතාවාදී වැඩ පිළිවෙල ඊට කදිම නිදසුනක් බවයි.

     

    මෙම අවස්ථාවට සහභාගී වූ මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ වත්මන් අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මිල්කෝ සමාගම කිරි නිෂ්පාදන සමාගමක් ම නොව තණකොළ නිෂ්පාදන සමාගමක් බවටද කඩිනමින් පත්කරන බවයි. එමගින් කිරි ගොවියා මුහුණ දෙන ආහාර ගැටළුවටද කඩිනමින් විසදුම් ලබාදීමට හැකියාව ලැබෙන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ පෞද්ගලික තෘණ නිෂ්පාදකයන් දිරි ගැන්වීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර අවසන්. ඒ සදහා අමාත්‍යංශයේ මැදිහත් වීම සහිත ව ආධාර ලබා දීමට ද කටයුතු කරනවා. මෙහිදී කිරි ගොවින් 100 කට මිල්කෝ සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභද පිරිනැමිනි.

     

    මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් එස්. සේනානායක, ලසන්ත වික්‍රමසිංහ ඇතුළු මිල්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික H.M.M. හේරත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya