පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළට ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කරයි

    මාර්තු 24, 2021

    පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගැනීම නවීන තාක්ෂණය සමඟ එක්වෙමින් සම්පාදනය කරන ලද ඉංග්‍රිසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 100 ක් පුහුණු කිරීමේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්‍යක්ෂ (නැගෙනහිර) සෙන්තිල් ඊශ්වරන්, ලෝරන්ස් වින්සන්ට් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    පසුගිය වර්ෂයේ සිට දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ දකුණු පළාතේ පාසල් 200කට සුහුරු පන්ති ලබාදීමට කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වෙමින් මෙම කාලෝචිත වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සපයන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ව්‍යාපෘතියයි. පාසල්වල 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා විෂය මාලාවේ පෙළපොත් ඇසුරෙන් සකස් කරන ලද පාඩම් ඇතුළත් Read to me නම් අන්තර්ජාල යෙදවුමක් මඟින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ .

    2022 වර්ෂය වන විට මෙරට සියලු පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Right to Read ආයතනය අපේක්ෂා කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya