පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය හත්වන දිනටත්

    මාර්තු 24, 2021

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands - 1’යුද අභ්‍යාසයේ හත්වන දිනයටත් (23) ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරි‍ශ්‍රෙය්දි පවත්වනු ලැබිණ.

    එහිදි පාකිස්තාන ජාතික දිනය සැමරුමට සමගාමීව පාඨමාලාවේ අයවලුන්ගේ සහභාගීත්වයෙන් චාම් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදි.

    එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙති.

     

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල මහතාගේ උපදෙස් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands - 1’ සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න මහතා කටයුතු කරයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya