වේවැල්,පිත්තල,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර “අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය සහ කාඕලින් පොහොසත් පසෙන් වාණිජකරණය” යන්න මත පදනම් වූ පර්යේෂණ, සංවර්ධන හා තාක්ෂණ හුවමාරුව පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමක් මාර්තු මස 25 වන දින පෙ.ව.10.30ට රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අත්සන් තැබීමට නියමිත බව අමාත්‍යාංශය දන්වා සිටී.
මෙම අවබෝධතා ගිවිසුමට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී.වී.බණ්ඩාරනායක මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අත්සන් තබනු ඇති අතර වේවැල්,පිත්තල,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේ.