පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසල් ඇතුළු මුළු දිවයිනේ ම පාසල් මාර්තු 29 ආරම්භ වෙයි

    මාර්තු 24, 2021

    පෙර පාසල් මෙන් ම මුළු දිවයිනේ ම පාසල් ඇතුළු බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා පාසල් එළඹෙන 29 වන (සඳුදා) සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    බස්නාහිර පළාතේ පෙර පාසල්ද එළඹෙන සඳුදා(29) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.පසුගිය මාර්තු 15 වන දින සිට බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ විය. මීට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අප්‍රේල් මස 19 වන දින සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබුණි.

     

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධව ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya