පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයේ දී- අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 24, 2021

    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයේදී ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

     

    පසුගිය මාර්තු 10දා අවසන් වූ 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවත් ජූලි මාසය වන විට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    එළඹෙන 29 වන සඳුදා සිට පෙර පාසල් ඇතුළු සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පාසල් වැසී තිබීම නිසා සියළු දරුවන්ට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද මේ වන විට තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා කීය.

    පාසල් ආරම්භ වීමත් සමග පුද්ගලික පංති ආරම්භ කිරීමේ සැළසුමක් නොමැති බව පැහැදිළි කළ අමාත්‍යවරයා මුළු රටේම පාසල් සහ පෙර පාසල් ඇරඹීමට ලැබීම විශාල ප්‍රගතියක් බවත් එහෙත් උපකාරක පංති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සළකා බලන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya