මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට දියවන්නාවෙහි එක් කොටසක් පුරා ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති අතර ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කතානායක වරයා මේ බව කීය. යම් කොළ පැහැති ද්‍රව්‍යයක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස දියවන්නා ඔය ප්‍රදේශයට එකතු වීම නිසා එහි ජලය ප්‍රදේශය බෙහෙවින් අපවිත්‍ර වී ඇතැයි විපක්ෂනායකයා චෝදනා කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කතානායකවරයා පැවසුවේ දුර දිග නොබලා ක්‍රියා කිරීම නිසා මෙම සිද්ධිය සිදු වී ඇති බවයි.