මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 7කට අධික ප්‍රමාණයක් රජය විසින් වැයකොට ඇති අතර වසරක් පුරාවට අදාළ අධ්‍යාපන ආයතන 2500 සඳහා තැපැල් මගින් දෙසතිය වාර සඟරාව ලබා දීමට නියමිතය.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සුරතින් දෙසතිය සඟරාව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී ඇල් පීරිස් , දහම් පාසල්, පිරිවෙණ් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස් එම් ඩී ධර්මරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී ඇල් පීරිස් , දහම් පාසල්, පිරිවෙණ් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස් එම් ඩී ධර්මරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න, වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එස් ආර් ඩබ්ලිව් එම් ආර් පී සත්කුමාර යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.