දෙසතිය වාර සඟරාව පාසල් සහ පිරිවෙන් 2500ක් සඳහා වසරක් පුරාවට නොමිලේ ලබා දීමේ වැඩසටහන මූලික කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(24) පැවති උත්සවයේ ආරාධිත දේශනය කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වෙනදා මෙන් නොව වත්මන් රජය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් විසින් විශාල වැඩකොටසක් කරමින් පවතින බවත්, ජනාධිපතිවරයා විසින් නිශ්චිත විෂයය පථයක් ලබා දීම තුළ මෙය සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ජනතාවට ගෙනයාමට ශක්තිමත් පාලමක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය හා එයට අදාළ ආයතන යොදාගත යුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන දෙසතිය වාර සඟරාවද මෙම පාලම තැනීමේ කොටසක් ලෙස යොදාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.