මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මාර්ග අනතුරු හේතුවෙන් 2018 වසරේ 3158ක් සහ 2019 වසරේ 2851 දෙනෙක් මිය ගිය තිබෙන බවත් දළවශයෙන් සෑම වසරකම 2500ත් 3000ත් අතර ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා මිය යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් බරපතල තීන්දු තීරණ නොගතහොත් මෙම බරපතල ගැටළුවට පිළිතුරු සෙවිය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා පැලැස්තර ඇලවීමෙන් මෙම ගැටළුව විසඳිය නොහැකි බව පෙන්වා දුන්නේය.
මාර්ග අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ පෞද්ගලික බස්,මෝටර් රථ,ටිපර් රථ,ත්‍රී රෝද සහ යතුරු පැදි නිසා බවත් රියැදුරන්ගේ නොසැලකිලිමත් බව සහ වාහන වල ප්‍රමිතිය මේ සඳහා බලපාන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මහා මාර්ග අමාත්‍යංශය මෙන්ම ප්‍රවාහන අධිකාරිය මැදිහත් වී මාර්ග අධීක්ෂණය කිරීමක් හෙවත් road audit එකක් ඉදිරියේදී සිදු කරන බවත් මේ හරහා වාහන ධාවනය සඳහා එම මාර්ගය සුදුසු බව තහවුරු කර ගැනීම සිදු වේ.
අද වන විට බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීම එතරම් අපහසු නොවන බවත් ඉදිරියේදී මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බවද ලංගම බස් රථ සඳහාද දැනට මෙම ක්‍රමවේදය අනුගමනය කරයි.මගීන් 10ට වැඩි මගීන් ප්‍රවාහනය කරන,සංචරක ප්‍රවාහන, කාර්යාල ප්‍රවාහන සේවා සහ පාසල් බස් රථ සෑම රථයක්ම මෙම ලයිසන් පත්‍රය භාවිත කල යුතු වේ.
තවද රියදුරු බලපත් ලබා දීමේදී ඩ්‍රග් ටෙස්ට් කිරීමේ අනුමැතිය ඉල්ලා ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ට්‍රාන්ස්පෝට් කමිටුවක් පිහිටුවන බවත් බස් රථ අතර තිබෙන තරඟය නතර කිරීම සඳහා ඒකාබද්ධ කාලසටහනක් සෑදීමට කටයුතු කරන බවද කීය. වඩාත් සුව පහසු ලෙස ගමන් කිරීම සඳහා Park and ride ප්‍රවාහන සේවය දිවයින පුරා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බවද කීය.