පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

     නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ වර්තමාන තත්ත්වය මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට

    මාර්තු 25, 2021

    කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට(කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට (23) දැනුම් දුන්නේය.

    අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබා ගත යුතු බවද හෙතෙම කීවේය.
    විශ්වවිද්‍යාලයන්හි සිදුවන නවක වදය තුරන් කිරීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙහිදී පැවසූහ.
    සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය සියලු ශ්‍රී ලාංකිකයන් ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරවන ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ අත්‍යාවශ්‍ය කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් විය යුතු මෙවන් මොහොතක පාසල් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තීන් කඩිනමින් සංශෝධනය වී ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාව ඊයේ නිර්දේශ කළේය.
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 2018 වසරේදී කලා මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන උපාධි පාඨමාලා වෙනුවෙන් රුපියල් මිලියන 5,396,952 ක් වියදම් කර ඇති බව කෝපා කාරක සභාවේදී අද අනාවරණය විය. එය විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වියදම් කර ඇති මුදල වැඩිම මුදල බවද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.
    කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර, යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , අශෝක් අබේසිංහ , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය, එස්.ශ්‍රීතරන්, බී.වයි.ජී රත්නසේකර යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya