මෙතෙක් කලක් අවිධිමත්ව පැවති එම පෙර පාසල් ක්ෂේත්‍රය විධිමත් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් නොතිබූ බව පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් එම ප්‍රතිපත්තිය සකස් කළ බවද කීය.
එළඹෙන මාර්තු 29 වන සදුදා දිවයින පුරා සියළුම පෙර පාසල් ආරම්භ කිරීමට සූදානම් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව අතැයිද කීය. පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සින්ක් ,බේසන්,උෂ්ණත්වමාන ආදී උපකරණ ලබා දීමටද රජය කටයුතු කර ඇති බවත් දිවයින පුරා දිස්ත්‍රික් 17ක මෙම කටයුතු අවසන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා සියලුම පෙර පාසල් සංවර්ධනය සඳහා රජය අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා වැඩපිළිවෙළවල් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයිද පැවසීය. අවම වශයෙන් සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාෂයකම නියමිත ප්‍රමිතියෙන් යුතු එක් පෙරපාසලක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාවට නංවා තිබේ. තවද එම පෙරපාසල් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යනු ලැබේ. පෙර පාසල් ගුරුවරුන් සඳහාද දීමනාවක් ලබා දීම වෙනුවෙන්ද රජයේ අවධානය යොමු කර ඇති බවද කීය. කොවිඩ් වසංගතය නිසා අසරණ භාවයට පත් පෙර පාසල් ගුරුවරුන්ට සහණ සැළසීමට මෙන්ම