ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන්කොට තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට තිබේ. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහා ම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණයකොට තිබේ.
එමෙන් ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.