ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.
සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.
එහිදි අදාළ මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබේ. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට ජනතාවට අවස්ථාව හිමිවෙයි