ඔහු මේ බව පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහයක තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමේ පත්වීම් ලිපි පිරිනමන අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
වාරිමාර්ගයේ සිටින්නේ පරිසරය සුරකින නියමුවන් පිරිසක් බැවින් වනාන්තර හා තෙත් බිම් ආරක්ෂා කිරීම ඔවුන් හැමදාම සිදුකර තියෙනවා. වාරිමාර්ගයේ ඉන්නේ පරිසරය සුරකින පරිසර නියමුවෝ .වනාන්තර තෙත්බිම් ආරක්ෂා කරගත යුතුයි .වාරි නිලධාරීන් තමන්ගේ තනතුර ගැන හිතා කටයුතු කළ යුතුයි . ගංගා වල පානීය ජල යෝජනා ක්‍රම තියෙනවා. ඒවා ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කළ යුතුයි. ගංගා වලට අපිරිසිදු ජලය බැහැර වෙනවා . අපි වැව් හදපු නිසා දුෂ්කර ප්‍රදේශවල වියළි කලාප වල පරිසරය ගහකොළ වැවිලා අලුත් පරිසරයක් බවට පත්වුණා. සතා සිවුපාවෝ ඉන්න පරිසරයක් බවට පත්වෙලා සංචාරක කර්මාන්තයටත් ඒක හොඳ තත්ත්වයක් බවට පත්වුණා.
ගංගා වල වතුර ගොවියන්ට බාර දුන්නහම ගොවිතැන සරු කරගන්න පුළුවන්.
වාරිමාර්ග වලට අති විශාල මුදලක් රජය වෙන් කරල තියෙනවා වසරකට වැව්වල රොන්මඩ ඉවත් කරන්න විශාල මුදලක් වැය වෙනවා .
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේ දී පුරප්පාඩුව පැවති වාරිමාර්ග තාක්ෂණ සහයක නිලධාරීන් 193ක් හා යාන්ත්‍රික තාක්ෂණ සහයක නිලධාරීන් 4 දෙනකු සඳහා නව පත්වීම් ප්‍රදානය සිදු කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඩි. ඩි. ආරියරත්න, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා වාරිමාර්ග නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.