ඒ මහතා මේ බව පැවසුවේ විකපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදාරියේදී පත්කිරීමට නියමිත තේරීම් කාරක සභාවේදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාළන යන මැතිවරණ තුනම සලකා බලන්නේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
''පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුව රැස් වුණා ඔබේ සාමාජිකත්වයෙන්. ඒ වෙලාවේ අපි කරුණු කියල එකඟතාවයකට ආව. මෙය අනුමත කළා. සෑම පාර්ලිමේන්තුවක්ම මෙවැනි කාරක සභාවක් සම්ප්‍රධායක් ලෙස පවත්වනවා. මේක හදිස්සියෙ කරන දෙයක් නෙවෙයි. බොහෝ පාර්ශවයන් මීට සම්බන්ධවෙනවා.''