මෙම වැඩසටහන පෝ දින පෙරවරු 05.30ට පිරිස අෂ්ඨාංගික ශීලයෙහි පිහිටුවමින් ආරම්භ වෙන අතර, ඉන් අනතුරුව කිරි ආහාර පූජාවත්, කප්රුක පූජාව, ධර්ම සාකච්ඡා, දහම් පැන විසදුම්, අට්ඨ බෝධි අංකුර රෝපණය, පැළ බෙදාදීම, දහම් පාසල් ළමුන්ට හා පෙර පාසල් දරුවන් සදහා පොත්පත් බෙදාදීමද සිදුකෙරේ.
මෙයට සමගාමීව අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනූව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තෝරාගත් හින්දු කෝවිල්, ඉස්ලාම් පල්ලි, කතෝලික දේවස්ථාන සදහා මුදල් ආධාර ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකිරීමට නියමිතය.