ස්වීඩනයේ පවත්නා සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, මෙම විශේෂ වැඩසටහන මෙම සතිය මුල දී සිදුකෙරිණ.
1996 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු තානාපති දර්ශන පෙරේරා මහතා වසර 25 කට ආසන්න සේවා වාර්තාවකට හිමිකම් කියයි. ඔහු විදේශ අමාත්‍යාංශයේ ප්‍රචාරක, දකුණු ආසියා සහ සාර්ක්, මැදපෙරදිග සහ යුරෝපා කටයුතු යනාදී අංශවල විවිධ තනතුරුවල සේවය කළේය. වොෂිංටන් ඩීසී හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලය, බැංකොක්, මොස්කව්, රෝමය සහ ජකාර්තා තානාපති කාර්යාල ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික පත්කිරීම්වලට අයත් විය.
ස්ටොක්හෝම් සඳහා පත්කිරීමට පෙර, ඔහු විදේශ අමාත්‍යාංශයේ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කළේය. මෙයට පෙර විදේශ පැවරුමෙහි දී ඔහු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආසියාන් සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.