පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින් පාකිස්තානු ජාතික දින සැමරුම වර්ණවත් කරයි

    මාර්තු 29, 2021

    පාකිස්තානු ජාතික දින සැමරුමට සමගාමීව මාර්තු මස 25 වන දින ඉස්ලාමාබාද් නුවර පැවති පැරෂුට් සංදර්ශණයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුටි භට කණ්ඩායමක් එක්වූහ.

    පාකිස්තාන සන්නද්ධ හමුදාව සමඟින් සිදුකළ මෙම පැරෂුට් සංදර්ශණයේදී අඩි 12,000 ක් පමණ උඩු ගුවනේ සිට සිය දස්කම් විදාහාපෑ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුටි භට කණ්ඩායමට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවිය.

    එම පැරෂුට් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මේජර් ජේ.එච්.එස්. පුෂ්පකුමාර, මේජර් එච්.එම්.එල්.බී හේරත්, මාණ්ඩලික සැරයන් අයි.ජී.ඒ සමන්කුමාර, කෝප්‍රල් බී.ඒ.පී.ජේ.ජේ.පී බණ්ඩාර සහ කෝප්‍රල් ඩබ්ලිව්.වී.කේ. ජයසූරිය යන මහත්වරු සහභාගී වූහ.

    පාකිස්තානු දිනය එරට රජයේ නිවාඩු දිනයක් වන අතර, හමුදා සහ සිවිල් සරඹ පෙළපාලි ත්‍රිවිධ හමුදා ආචාර වෙඩි මුර මධ්‍යයේ පාකිස්තානු දින සැමරුම පැවැත්විය. උත්සවයට සමගාමීව රජයේ මෙන්ම පුද්ගලික ආයතන පරිශ්‍රයන් තුළ ජාතික ධජයන්ගෙන් සහ විවිධ සැරසිලිවලින් අළංකාරවත් කර තිබූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya