අමාත්‍යවරයා මේ බව පැවසූවේ, වාරි සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව කොලොන්නාව ආසනයේ පැවැති නිළ උත්සවයේදී මාධ්‍යවේදියෙකු පරිසර විනාශය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පෙර සිටම පරිසරය විනාශ කරන ලද පිරිස් විසින් වර්තමානයේදී පෞද්ගලික ඉඩම් වල ගස් කැපීමත් මහා පරිසර විනාශයක් සේ පෙන්වන බවත් විදේශීය රටවල් වල සිදු කරන වන විනාශයන්ද ලංකාව තුළ සිදු කරන වන විනාශයන් සේ පවසා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිතුමා තරම් පරිසරයට ආදරය කරන කෙනෙක් තවත් නැති බවත් ආරක්ෂක ලේකම් ලෙස සිටින කාල සීමාව තුළත් ගස් වැවීමට කටයුතු කළ අතර වැව් හා අමුණු සෑදීමට කටයුතු කළ බවත් පරිසරය අලංකාර කිරීමට මෙන්ම පිරිසිදු කිරීමටත් කටයුතු සිදු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා තව දුරටත් පෙන්වා දුන්නේ, පරිසරය ආරක්ෂා කර ගත යුතු අතරම එමඟින් අප රැකෙන බව සිහිතබා ගනිමින් කටයුතු කළ යුතු අතර පරිසරය විනාශ කරන්නේ නම් එය රටට ද්‍රෝහි වීමක් බවත්ය.
ගුවනේ සිට හෙලිකොප්ටර් මගින් නිරීක්ෂණය කර විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් ඉතා කඩිනමින් මෙවැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් සිදු කරන අතර මෙම පරිසර විනාශය සිදු කරන පුද්ගලයින් හා ඊට හවුල් වන සියලු දෙනා අත් අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.