පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය නැංවීමට දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන

    මාර්තු 30, 2021

    සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා ඇත. ‍

    එම වැඩ පිළිවෙල යටතේ නිවිතිගල වටාපොත ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ සබරගමුව පලාත් සභා‌වේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (27) වටාපොත සේවා පියස පරීශ්‍රයේ දී සිදු කෙරිණි.

    මෙම ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සඳහා ලක්ෂ 180ක මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන්කර ඇති අතර මෙම ඒකකය මහල් දෙකකින් යුක්ත වන අතර‌ මෙම මධ්‍යස්ථානය තුළ මුලික වෛද්‍ය පර්යේෂණ සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර සේවා ලබා දීමට වෛද්‍යවරුන් ඇතුළු අවම කාර්ය මණ්ඩලය සහ අවශ්‍ය උපකරණ ලබා දීමට ද අමාත්‍යංශය කටයුතු කර ඇත.

    මෙම මධ්‍යස්ථානය මගින් අවට තිබෙන කිරිබත්ගල, තුත්තිරිපිටිය, වටාපොත, වන්නියවත්ත යන ගම්මාන වල වෙසෙන පවුල් 2000 කට පමණ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකිවනු ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya