සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තාවල්ගොඩ ග්‍රාමයේ ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කීරිම නිමිත්තෙන් පැවැති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ රාජ්‍ය ආයතන හරහා ගමට මුදල් ලබා දිමේ දී දීර්ඝ කාලයක් ගත වීම ජනතාවට කඩිනම් සේවාවක් සැපයීමට බාධාවක් වී ඇති බවයි.
මෙරටේ බහුතර ජනතාව ජීවත් වෙන්නේ ගම්වලයි. ඒ අයට ඉතාම සමීප රාජ්‍ය ආයතනය පලාත් පාලන ආයතනයයි. ඒ නිසා ජනතාව ගැන දන්න ඔවුන්ගේ වුවමනාවන් ගැන දන්න පලාත් පාලන ආයතනවලට ගමේ ජනතාව වෙනුවෙන් වැඩියෙන් වැඩ කරන්න රජය ගමේ සංවර්ධනයට වෙන් කරන මුදල් කෙලින්ම පලාත් පාලන ආයතන වලට දෙන්න ඕන. එහෙම වුනොත් ජනතාවත් සහභාගි කරවා ගෙන ගම්වල අවශ්‍යතා කඩිනමින් ඉටු කර ජනතාවට උසස් කඩිනම් සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගමේ ජනතාවට තමන් ගේ අවශ්‍යතාවලින් බොහෝමයක් ඉටු කර ගන්න නගරයට යාමට සිදුව තිබෙනවා. මේ නිසා ඔවුන් ගේ කාලයත් ශ්‍රමයත් මුදලුත් අපතේ අනවශ්‍ය ලෙස වැය වෙනවා. මේ තත්ත්වය වලක්වා ගෙන ගමේ ජනතාව ඇති හැකි අය කරන්නටත් තරුණ පරපුර ගමේ සංවර්ධනයට යොමු කරගැනීමටත් පලාත් පාලන ආයතනවලට ගමට වැඩ කරන්න වැඩි බලයක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාම හිටියා. එවැනි බලයක් පලාත් පාලන අයතනවලට ලබාදීමෙන් ජනතා ජයග්‍රහණ වැඩි කර ගත හැකි බවද මෙම තත්වය ඇති කීරීමට මෙයට පෙර ග්‍රාමීය සංවර්ධන කමිටු ඇති කරන්න උත්සහ කල අවස්ථාවේ ඇතැම් පිරිස් ඊට එරෙහි වීම නිසා එය වැලකී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කෙළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන මහතා හා සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහතා, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.