ඒ මහතා මේ බව කියා සිටියේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (Port City) නිසා හොංකොං හෝ මැකාවෝ වැනි කැසිනෝ කේන්ද්‍රස්ථානයක් බවට පත් වේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි.
එමෙන්ම, ආසියාවේ මධ්‍ය කේන්ද්‍රයේ පැවතීම ශ්‍රී ලංකාව නිසා ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු විය යුතුව තිබුණ ද, එලෙස දියුණු කිරීමේ අනගි අවස්ථාවන් නිසි පරිදි භාවිතා නොකිරීම හේතුවෙන් සිංගප්පූරුව හා ඩුබායි රාජ්‍ය විකල්ප වාණිජ මධ්‍යස්ථාන ලෙස බිහි ව ඇති බව ද හෙතෙම මෙහි දී සඳහන් කරන ලදුව, ලංකාවේ පිහිටීම ප්‍රධාන සම්පත කර ගනිමින්, 2010 වසරේ දී එවකට ජනාධිපතිව සිටී වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙරට ගුවන්, නාවික, වාණිජ බලශක්ති හා දැනුම කේන්ද්‍ර කර ගත් මරමස්ථානයක් ලෙස හඳුනගනිමින් බිහි වූ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලෝකයේ බැංකු තමන්ගේ බැංකු හා සන්නිවේදන කේන්ද්‍රයක් ලෙස භාවිතා කරනු ඇතැයි ද, ශ්‍රී ලංකාවේ ඉදිරිගමනට අවශ්‍ය අතිශය තීරණාත්මක යටිතල පහසුකම් සැපයීමක් ද, මෙමඟින් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා 2008 උපාය ක්‍රමික ව්‍යාපාර සංවර්ධන පනත යටතේ විශේෂ බදු සහන ලබා දීමේ නීතිමය හිමිකම තිබෙන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, මෙරට ජනයාගේ ජනවරමින් පත් වූ විධායක ජනාධිපතිරවයා විසින් පත් කරන කීර්තිමත් වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලත් පාලක මණ්ඩලයකින් සමන්විත වන කොළඹ වරාය නගර කොමිෂන් සභාවකින් පාලනය කරනු ලබන බවත්, එමඟින් මෙරට ස්වෛරීත්වයට තර්ජනයක් සිදු වන ආකාරයේ කරුණු සිදු නොකෙරන බවත් හෙතෙම අවධාරණය කළේය.