රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් මාධය දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ලැබීමට නියමිත බවත්, මීට අමතරව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත අප්‍රේල් මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව මේ වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාසිටින පිරිස් සඳහා දෙවැනි මාත්‍රාව ලබාගැනීමට හැකි බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට මෙරට ප්‍රජාවගෙන් අධි අවධානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශවල සිටින අට ලක්ෂ පනස් දහසක් පිරිසකට එන්නත් ලබා දී ඇති බවත්, තවත් එන්නත් මාත්‍රා ලක්ෂ හතරක් පමණ මෙරට සතුව ඇති බවත්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.