රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී මාධ්‍යවේදියකු විසින් ඉන්දීය ධිවරයන්ට මෙරට මසුන් මැරීමට අවසර ලබාදීමට රජය තීරණයක් ගෙන ඇත්ත යන්න විමසූ විට එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර අමාත්‍යවරයා විසින් එවන් තීරණයක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් කර නොමැති බවත්, මෙවැනි තීරණ යම් හෙයකින් තීරණය කරනවා නම් කරනුයේ අමාත්‍ය මණ්ඩලය මගින් බවත්, එසේ වුවද අමාත්‍ය මණ්ඩලයට එවැනි කැබිනට් යෝජනාවක් හෝ නොලැබුනු බවත්ය.
මෙරට මුහුදු තීරයේදි හසුවූ ඉන්දීය ධිවරයන් නිදහස් කිරීමත්, මේ වන තෙක් මෙරට ධීවරයින් ඉන්දීය රජයේ අත්අඩංගුවේ පසුවීමත් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍යයෙන් මෙරට ධීවරයන් වෙනත් රටවලදී මසුන් මැරීමට ගොස් අනන්‍ය ජල තීරය උල්ලංඝණය කර හසුවූ අවස්ථාවලදී නිඩු පැවරීමකින් තොරව රජය මැදිහත් වී නිදහස් කරගන්නා බවත්, ඉන්දීය ධිවරයන් සම්බන්ධයෙන්ද එම ක්‍රියාපටිපාටිය අනුගමනය කළ බවත්, ඉන්දීය අත්අඩංගුවේ පසුවන ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දියාව මේ ආකාරයේ සුභවාදී පියවරයක් ගනු ඇති බව තමන් ප්‍රාර්ථනා කරන බවත්, උදය ගම්මන්පිළ මහතා පැවසීය.