පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    මත්තල ගුවන් තොටුපොළ සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කෙරේ

    මාර්තු 30, 2021

    මත්තල ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා පස් අවුරුදු නව සැලැසුමක්..... මත්තල විදේශීය මෙන්ම දේශීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමට ගුවන් සමාගම් සමග දැනටමත් සාකච්ඡා .....

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ පස් අවුරුදු නව සැලැස්මක් ක්‍රියාවට නැංවේ.‍

    ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම “ ආකර්ෂණීය ගමනාන්තයක් (An exotic tourism destination) ” තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම පස් අවුරුදු සැලැස්ම මඟින් 2025 වසර වන විට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැනිම සක්‍රීය ගුවන් තොටුපොළක් බවට පත්කිරීමට අපේක්ෂිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මත්තල ගුවන් තොටුපළ සැලසුම් කර ඇත්තේ වසරකට මගීන් මිලියනයක් හා භාණ්ඩ මෙට්‍රික් ටොන් 45000ක් හැසිරවිය හැකි ආකාරයටයි. ඉදිරිපත් කර ඇති නව සැලැස්ම මඟින් මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමේදී බලාපොරොත්තු වූ මෙම අරමුණු සාක්ෂාත් කර ගනිමින් රටේ ආර්ථිකය නංවාලීමට සෘජුවම දායකත්වය සැපයීම අරමුණු කෙරෙයි.

    මෙම සැලස්මට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දකුණු ආසියාවේ සාර්ථකම ගුවන් තොටුපොළක් බවට පත්කරලීම සඳහා ගුවන් ගමන්වාර ඉහළ නැංවීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට තිබේ.

    මෙම සැලසුම් යටතේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ගමනාගමනයේ යෙදෙන සංචාරකයින්ට සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකමද (ඩියුටි ෆ්‍රී) මේ වන විට ආරම්භ කර ඇත. ගුවන් තොටුපළ ආශ්‍රීතව සියලු සංචාරක පහසුකම් ආවරණය වන පරිදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මකය.

    ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ෂණීය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සමාජයීය හා ආර්ථක පසුබිම සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මකය.

    මීට අමතරව ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර කොවිඩ් වසංගතය හමුවේ අඩාල වූ ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතුද මින් ඉදිරියට උපරිම දාරිතාවයෙන් සිදුකිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙයි.

    මත්තල ජත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව ආයෝජන කලාප ඇතිකිරීම සහ හම්බන්තොට සංවර්ධන සැලැස්ම නැවත සක්‍රීය කිරීම තුළින් හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ ඒකාබද්ධ
    වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.


    රට සංචාරකයින් සඳහා විවෘත කෙරුණු ඉකුත් ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා 171ක් පැමිණ ඇත. ගුවන් මගීන් 15070ක් මෙම ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට පැමිණි ඇති අතර ඉන් 5062ක් විදේශීය සංචාරකයින්ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya