රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම මාර්ග ඉදිවීමට නියමිත බවත්, මෙම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල හා දම් නමින් හැඳින්වීමට නියමිත බවත්ය.
කිලෝ මීටර් 42ක් දිග රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාත්, හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර් 28ක් දිග වන අතර මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැළණිය දක්වාත්, කිලෝ මීටර් 23ක් දිග නීල දුම්රිය මාර්ගය කොට්ටාවේ සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වාත්, දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වාත් දිවයන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
File Photo