පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණ නව පනත සම්මත කරගැනීමෙන් පසුව- අමාත්‍ය උදය ගම්මන්පිල

    මාර්තු 30, 2021

    පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණ නව පනත සම්මත කරගැනීමෙන් පසුව පැවැත්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා
    ප්‍රකාශ කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු වශයෙන්
    අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල් යාම හේතුවෙන් මේ වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවත්, පළාත් සභා නීතිය වෙනස් කිරීමට කැබිනට් සාකච්ඡාවල වැඩි ඉඩක් වෙන් වී තිබූ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පළාත් සභා පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකළ බවත්, එසේ වුවද එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකළ බවත්,අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya