පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පෙරපාසල් දරුවන්ට පැල තුන්ලක්ෂ තිස්පන්දහසක් බෙදාදීම බේරුවලින් අරඹයි

    මාර්තු 30, 2021

    2021 වර්ෂය වෙනුවෙන් පෙරපාසල් ආරම්භ කිරීමට සමගාමීව "කැකුළු තුරු උදාන" නම් වූ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය අද (30) බේරුවල, පාදාගොඩදී සිදුවිය.

    ඒ පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. බේරුවල, මාලේවන්බද්ද, පාදාගොඩ පෙරපාසලේ අභිනවයෙන් ඉදිකෙරුණු පන්ති කාමරය විවෘත කිරීම සහ නව වසරට දරුවන් ලියාපදිංචි කිරීමත් මෙහිදී සිදුවිය. සෞඛ්‍යාරක්ෂිතව පෙරපාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය අත්සෝදන ජලබදුන් ප්‍රදානයක්ද අමාත්‍යවරයා විසින් සිදුකලේය.

    මෙවර දිවයින පුරා පෙරපාසල් සදහා ඇතුලත්වන සියලුම දූදරුවන් වෙනුවෙන් තුන්ලක්ෂ තිස්පන්දහසකට ආසන්න පැල ප්‍රමාණයක් "කැකුළු තුරු උදාන" ව්‍යාපෘතිය හරහා බෙදාදෙනු ලබයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

    බේරුවල ප්‍රදේශීය සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන පෙරපාසල් දුවාදරුවන් වෙනුවෙන් නිලවශයෙන් පැළ බෙදාදීමේ අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් සිටුවීම රාජ්‍ය අමාත්‍යවරයා සහ කැකුළුතුරු උදාන ව්‍යාපෘති අධ්‍යක්ෂ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රජීව පෙරේරා සහ ව්‍යාපෘති උපදේශක ජනක හේරත් යන මහත්වරුන්ගේ සුරතින් සිදුවිය.

    අදාල උත්සවයට බේරුවල ප්‍රදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya