පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා අභිමුඛ නව උපාධි පාඨමාලාවක්

    මාර්තු 30, 2021

    ඉතිහාසයේ ප්‍රථම වතාවට කලා, වාණිජ, විද්‍යව, ගණිතය, සහ තාක්ෂණය යන ඕනෑම විෂය ධාරවකට පෙනී සිට S සාමාර්ථයක් ලබා ගත් දරුවකුට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්  අමරතුංග මහතා පවසයි.

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ පරිගණක විද්‍යාව සම්බන්ධ නව රැකියා අභිමුඛ උපාධි පාඨමාලාව සඳහා සිසුන් 10,000ක් බඳවා ගැනීම සම්බනධයෙන් දැනුවත් කිරීම සඳහා අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙරට උපාධිධාරින්ට එල්ල වන විශාලම චෝදනාව වනුයේ ඔවුන් නව රැකියා වෙළෙඳපොළට ගැළපෙනවාද යන ගැටළුවයි. ඒ අනුව විවෘත විශ්ව විද්‍යාලය ව්‍යාපාරික ක්ෂේත්‍රය හා එක්ව ඔවුන්ගේ උපදෙස් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්බන්ධ කර ගනිමින් මෙම නව උපාධි පාඨමාලාව හඳුන්වා දී ඇත.

    උසස් පෙළ අසමත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවකුට වුවද කඩඉම් පරීක්ෂණයකට මුහුණ දී මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබේ. මෙය ලංකා ඉතිහාසයේ වෙනස්කම් වලට භාජනය වූ පළමු උපාධි පාඨමාලාව බවත් දුර බැහැර ප්‍ර දේශවල සිටින දරුවන්ට මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹට පැමිණීම අනවශ්‍ය බවද කීය.රැකියාවට යන අතතුර හෝ මෙම උපාධිය හැදෑරිය හැකි බවත් දරුවන්ට දරා ගත හැකි වන පරිදි පාඨමාල ගාස්තු අයකිරීම සිදු වන බවත් සභාපතිවරයා පැහැදිළි කළේය.

    පසුගිය වසරේ දරුවන් ලක්ෂ 03ක් උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර එයින් විභාගය සමත් වූයේ දරුවන් 180,000ක් පමණක් බවයි. එයින්ද රජයේ විශ්ව විද්‍යාල සඳහා බදවා ගන්නේ දරුවන් 41,500ක් පමණි. අනෙකුත් දරුවන්ටද අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය තිබුණද ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන බවත් මෙම නව උපාධි පාඨමාලාව ඒ සඳහා හොඳ අවස්ථාවක් බවයි.

    විශ්ව විද්‍යාලයන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රජය මේ වන විටත් මිලියන 300ක් පමණ පරිඝණක සහ අනෙකුත් උපකරණ ආයෝජනය කර ඇති බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සියළු බඳවා ගැනීම් සිදු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya