පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු තාක්ෂණය ඉගෙනීමට කැමති සිසුන් සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නව අවස්ථාවක්

    මාර්තු 30, 2021

    තොරතුරු තාක්ෂණය ඉගෙනීමට කැමති සිසුන් සඳහා විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නව අවස්ථාවක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය අජිත් පී මදුරපෙරුම මහතා කීය.

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ පරිගණක විද්‍යාව සම්බන්ධ නව රැකියා අභිමුඛ උපාධි පාඨමාලාව සඳහා සිසුන් 10,000ක් බඳවා ගැනීම පිළිබඳව අද(30) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    පරිගණක ක්ෂේත්‍රයේ ඇති මානව සම්පත් හිගකම අවම කිරීම මෙන්ම සෑම සිසුවකුටම උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර දීමත්, දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක දරුවකුටම ඉගෙනුම් අවස්ථා ලැබීම මෙම පාඨමාලාවේ විශේෂත්වයයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ පරිගණක ක්ෂ්‍රේත්‍රය පිළිබඳව දැනුම ඇති ශ්‍රමබලකායක් නොමැති වීම පරිගණක ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුවට විශාල වශයෙන් බලපා ඇති බවයි.

    මෙම නව පාඨමාලාව යටතේ ළමුන් 10,000ක් බඳවා ගනු ලැබේ. පළමු වසරේ දී ශිෂ්‍යයන් විෂයන් කිහිපයක් හැදෑරිය යුතු අතර දෙවන වසරේදී විශේෂ උපාධි සඳහා යොමු වීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, Data Science, Software Engineering වැනි විෂය ක්ෂේත්‍ර සිසුන්ට තෝරා ගත හැක.

    උසස් පෙළ ඕනෑම විෂය ධාරවකින් විෂයන් 03ක් ඕනෑම අවස්ථා 03කදී ලබා ගැනීම මේ සඳහා ඇති අවම සුදුසුකම වේ. තමන් ඉන්නා ප්‍රදේශය තුළ සිටම තමාගේ රැකියාව හෝ අනෙකුත් සමාජ කටයුතු වලට බාධා නොවන පරිදි මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම අධ්‍යනය කටයුතු සති අන්තයේ සිදු කරන බවත් රැකියාවක් කරන අතරතුර වුවද මේ සඳහා සම්බන්ධ විය හැකිය. සෑම සිසුන් 50 දෙනෙකුටම විශේෂ දේශකවරයෙක් ලබා දෙයි‍ෙ

    පාඨමාලා ගාසුතු ගෙවීම සහ පරිගණක මිලදී ගැනීම සඳහා විශේෂ ණය සහණ ක්‍රමද ක්‍රියාත්මක වේ.

    මෙහිදී අදහස් දැක් වූ ස්ලැස්කොම් ආයතනයේ මහතා පැවසුවේ 2025 වසරේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විදේශ ආදායමක් ලබා දීම රජයේ ඉලක්කය බවයි.

    එහෙත් මේ සඳහා ලක්ෂ 02ක පමණ ශ්‍රමබලකායක් අවශ්‍ය වුවද අද වන විට සිටින්නේ 115,000ක් පමණ ශ්‍රම බලකායක් පමණි.මෙම පරාසය පියවීම සඳහා වසරකට අවම වශයෙන් 12,000ක් පමණ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුල් විය යුතුය.

    එහෙත් මෙම ශ්‍රම බලකාය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පමණක් බවත් බැංකු ඇතුළු අනෙකුත් ආයතන සඳහා මෙම ක්ෂේත්‍රය සඳහා විශාල ඉල්ලුමක් පවතියි.


     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya