පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන ලොතරැයි සුපිරි ජයග්‍රාහකයන්ට චෙක්පත් පිරිනමයි

    මාර්තු 31, 2021

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “සුපර්බෝල්” හා “ලග්න වාසනාව” ලොතරැයිපත් වලින් බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් සිව් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් අරලියගහ මන්දිරයේ දී (30) දින චෙක්පත් ප්‍රදානය කෙරිණි.

    “සුපර්බෝල්” 1403 වන වාරයේ සුපිරි ජයමල්ල වන රු.75,412,110 /- ක මුදල දිනා ගත් කැකිරාව කේ.ජී.රොෂාන් මහතා ඇතුළු ජයග්‍රාහකයන්ට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් මෙලෙස ජයග්‍රාහී මුදල් චෙක්පත් ප්‍රදානය කළේය.


    “ලග්න වාසනාව” 3096 වන වාරයේ සුපිරි ජයමල්ල වන රු. 2,454,571/- ක මුදල දිනාගත් හිඟුරාන ආර්.ආරියදාස, “ලග්න වාසනාව” 3098 වන වාරයේ සුපිරි ජයමල්ල වන රු.2,230,396 /- ක මුදල දිනාගත් කඩවත එච්.පී.තුසන්ත මහත්වරු සහ “ලග්න වාසනාව” 3089 වන වාරයේ සුපිරි ජයමල්ල වන රු.2,347,887 /- ක මුදල දිනාගත් මහනුවර එච්.ජී.පීරිස් මහත්මිය මෙලෙස ජයග්‍රාහී චෙක්පත් ලබාගත්හ.

    මෙම ජයග්‍රාහී ලොතරැයිපත් දඹුල්ල අලෙවි නියෝජිත පී.එච්.එස්.රත්නවිභූෂණ, හිඟුරාන අලෙවි නියෝජිත කේ.ඒ.එල් ස්වර්ණකුමාර, රන්මුතුගල අලෙවි නියෝජිත පී.ඒ.චන්ද්‍රසිරි මහත්වරු සහ බකමූණ අලෙවි නියෝජිත කේ.යූ.අයි ලක්මාලි මහත්මිය අලෙවි කර තිබිණි.

    මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරී පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya