ගල්ගමුව,යාපනය,පොලොන්නරුව,පන්නල යන ප්‍රදේශයන්හි මේ වන විටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථාන අතර 05 වන බතික් පුහුණු මධ්‍යස්ථානය මෙය වේ.
මෙහිදී තෙමසකට වරක් 30 දෙනෙක් වෙනුවෙන් මෙම පුහුණුව ලබා දීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය මගින් සිදු කරනු ලබයි.
දේශයක් ගොඩනඟන සෞභාග්‍යයමත් ඉදිරි දැක්මක ආර්ථික හා සමාජීය වශයෙන් බලපෑම් ඇති කළ හැකි දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නැවුම් පුනරුදය දැන් එළඹ ඇත.
පැරණි රෙදි පාසල වෙනුවට නව තාක්ෂණය මුහු කරමින් නවීන යන්තෝපකරණ වලින් සමන්විත "හෙළසළු පියස" නම් වූ බතික් අත්යන්ත්‍ර පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමට මේ වනවිටත් බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි.
නිෂ්පාදන හා නිමැවුම් ක්‍රියාවලිය වේගවත් කරමින් වෝපර් හා වයින්ඩින් යන්ත්‍ර දෙකක්ද ඇතුළුව තවත් යන්ත්‍ර 05ක් මෙම පුහුණු මධ්‍යස්ථානයට අළුතින් එක්කරන අතර මෙම ස්ථානවල සේවයෙහි නියුතු පුහුණු උපදේශකවරුන් හට හිමිවන සුළු දීමනාවට අමතරව ස්ථාවර පැමිණීමේ දීමනාවක් ලබා දීමට කටයුතු සැලසුම් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.