පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කටාර් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළට

    මාර්තු 31, 2021

    කටාර් රාජ්‍යයේ සේවය කරන සියළුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය මගින් නිකුත්කරන ලද නිවේදනයක සඳහන් වේ.

    එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත. මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායකන් තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට කටාර් රාජ්‍යයි.

    මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියළුම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුලත් වේ.

    පසුගිය වසරේදී, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ කටාර් රාජ්‍ය සම්පාදනය කරගත් කම්කරු නීතිරීතිවලට අනුව, අවම වැටුප ගෙවීම සම්බන්ධව සේවායෝජකයන්ට ඊට සූදානම් වීම සඳහා මාස හයක කාලසීමාවක්ද ලබා දී තිබේ. කටාර් රාජ්‍යයේ කම්කරු නීතිරීතිවලට අනුව කිසිදු විදේශ ශ්‍රමිකයෙකුට වෙනස් කොට සැලකීමකින් තොරව සමාන අයිතිවාසිකම් භුක්ති විදීමට ඉඩපහසුකම් එරට රජය විසින් සලසා දී තිබේ.

    අවම වැටුප කටාර් රියාල් 1000 ගෙවීමට අමතරව සේවකයින්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිලියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500ක් වශයෙන් අමතර ගෙවීමක්ද සේවකයාට ලබාදිය යුතුවේ. අවම වැටුප් සීමා පැනවීම මඟින් කටාර් හි සේවය කරන ශ්‍රමිකයින් ලක්ෂ 4 කට මෙම ප්‍රතිලාභ සෘජුවම ලැබෙන බැවින්, එම ශ්‍රමිකයන්ගේ මව්රටවල පවුල්වල ආදායමද ඉන් ඉහළ යන බව කටාර් හි ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ට තවදුරටත් එරටින් පිටවීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පිටවීමේ බලපත්‍රයක් හෝ විරෝධතා සහතිකයක් (NOC) අවශ්‍ය නොවන බව කටාර් රාජ්‍යෙය් පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය සඳහන් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. එසේම මෙතෙක් කල් හාම්පුතා යටතේ සේවය කිරිමේ නීතියද මෙම අවම වැටුප් වැඩිවිමත් සමග අහෝසි වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya