අවුරුදු සමයේ වැඩිපුර ජනතාව ඒකරාශී වන උත්සව කිසිවකට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර නොදෙන බවත්, දැනට පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.
සීමා කිරීම් දිගටම සිදුකරන බවද දැනට කොරෝනා රෝගීන් ලංකාවේ අඩු වුවද යම් ලිහිල් කිරීමක් සිදුකළ හොත් උත්සව සමයෙන් පසු රෝගය ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් පවතින බවද මේ වන විට ලෝකයේ ඇතැම් රට වල තුන්වන රැල්ලක් වාර්තා වී ඇති බවද රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය. ඉන්දියාවේද 62%කින් රෝගීන් වර්ධනය වී ඇති බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යතුමිය දැනට ගෙන ඇති ආරක්ෂිත පියවරවල් එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කරන අතර නීති තද වීමක් සිදුනොවන බවද අවධාරණය කළාය.