පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පොල්තෙල් වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි සෙවීමට දිස්ත්‍රික්ක 25 ම නියැදි පරීක්ෂා සිදුකළා-වරදක් සිදුවී ඇත්නම් එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා

    මාර්තු 31, 2021

    පොල්තෙල් වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි සෙවීමට දිස්ත්‍රික්ක 25ම නියැදි පරීක්ෂා සිදුකළා.. වරදක් සිදුවී ඇත්නම් එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.. - ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය

    පොල්තෙල් වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි සෙවීමට දිස්ත්‍රික්ක 25ම නියැදි පරීක්ෂා සිදු බවත් යම් වරදක් සිදුවී ඇත්නම් එය සිදුවී ඇත්තේ කොතැනින්ද සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද (31)දින ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කළ පිළිකාකාරක පොල්තෙල් සහ රජයේ නියාමනය යනුවෙන් ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සයිබර් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මේ දිනවල නිරන්තරයෙන් කතාබහට ලක්වන පිළිකාකාරක අඩංගු යැයි පැවසෙන පොල්තෙල් තොගය මාර්තු 04 වනදා පළමු නියැදිය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වීමත් සමත එය ප්‍රමිති ආයතනය විසින් රේගුවට දැන්වූ බවද, එදිනම එම පොල්තෙල් ප්‍රත් අපනයනය සදහා සූදානම් කරගන්නා ලෙස එම පොල්තෙල් ගෙන්වන ලද අදාල පෞද්ගලික සමාගම් 03ට රේගුව දැන්වූ බවද එහිදී අදාල සමාගම් විසින් සිදුකළ ඉල්ලීමකට අනූව දෙවැනි නියැදි පරීක්ෂාවක් සිදුකර අතර එහි ප්‍රතිඵලය වූයේද මෙම පොල්තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව යැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

    මෙහි ඇල්ෆාටොක්සීන් නැමති පිළිකාකාරක විෂ රසායනය අඩංගු බවට තහවුරු වී ඇති අතර දෙවැනි නියැදි පරීක්ෂාවේදී බැදුමක් සහිතව රේගුව විසින් අදාල ආයතන වල පුද්ගලික බහාලුම් මධ්‍යස්ථාන වෙත පොල්තෙල් තොගය ලබාදී ඇති අතර එම මධ්‍යස්ථාන වලදී නියැදි ලබාගනිමින් දෙවැනි නියදි පරීක්ෂාව සිදුකර ඇත.

    එහි ප්‍රතිඵල වලින් ඇල්ෆාටොක්සීන් ඇති බවට තහවුරු වීමත් සමග කඩිනමින් ප්‍රතිඅපනය කරන ලෙස රේගුව විසින් අදාල සමාගම් වලට දන්වා ඇත. ප්‍රති අපනයනයට නිර්දේශ කළ පෞද්ගලික සමාගම් විසින් මුද්‍රා තබන ලද බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් සොයාගෙන මේ වන විට රේගුව වෙත ලබාදී ඇති බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

    ප්‍රමිති ආයතනය අභ්‍යන්තරයේ නියැදි පරීක්ෂා කර ප්‍රමිතිය තහවුරු කිරීමේදී හොද නියාමනයක් සිදුවන බව පැහැදිලි කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවේ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීම සම්පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බවයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya