අමාත්‍යතුමා මේ බව පැවසූවේ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
2021 වසර මේ වන විට පොලිස් නිලධාරීන් හැත්තෑ දෙදෙනෙකු (72) මහ මග අනතුරු වලට ලක් වී ඇති අතර එයින් දහ අට (18) දෙනෙකු මිය ගොස් ඇති අතර පසු ගිය වසරේ රාජකාරි වල
නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙසිය අනූතුන් දෙනෙකු (293) මහ මග රිය අනතුරු වලට ලක් වී ඇති අතර ඉන් විසි අට (28) දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් වශයෙන් හා පීඩනයක් සහිතව රාජකාරියෙහි නිරත වුව ද පොලිස් නිලධාරියෙකුට කිසිදු අවස්ථාවක ජනතාවට මෙලෙස පහර
දීමට හැකියාවක් නොමැති බවත් එම නිසා මෙම නිලධාරියා අත් අඩංගුවට ගැනීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
විස අඩංගු පොල්තෙල් වෙළෙඳ පොළට මුදා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙය පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධ
රාජකාරියක් බවත් වැරදිකරුවන් පිළිබඳ දැනුම් දුන් විගස ඔවුන් අත් අඩංගුවට ගන්නා බවත්ය.
මෙම පොල් තෙල් වෙළෙඳ පොළ වෙත මුදා හැර ඇති බවට ඇති කටකතා අමූලික බොරුවක් බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කළ ප්‍රකාශයට අනුව ලංකාවට පැමිණි ප්‍රමාණයත්
ගුදම් වල ඇති ප්‍රමාණයත් සමාන වන බව ද මෙම සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවබිය වැද්දීම සඳහා අසත්‍ය ප්‍රචාර පතුරවන බවත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණය වූයේ මෙම
පොල්තෙල් ගෙන්වා ඇති පිරිසට දැඩි දඬුවම් ලබා දීම බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
තවද වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සිටි එරික් පෙරේරා මහතාගේ ස්ථාන මාරුව පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ
එතුමාගේම ඉල්ලීම පරිදි මීගමුව කොට්ඨාසය ලබා දුන් බවත් යම් යම් හේතූන් පදනම් කරගනිමින් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම තොරතුරු පෞද්ගලික බැවින් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය
කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය
අමාත්‍ය පියල් නිශාන්ත, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.