අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහනට සමගාමීව “නිල්දියවර” නමින් පානීය ජලය ජනතාවට ලබාදීමේ වැඩසටහනක් රජරට ක්‍රියාත්මක වෙමින් පවතී
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ තුලාවෙල්ලිය හා දුමින්නේ ගම්මාන සඳහා රු. ලක්ෂ 36ක් වටිනා ආර්. ඕ. ජල පවිත්‍රාගාර දෙකක් සඳහා මුල් ගල තැබීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් සිදුකරන ලදී. මෙමගින් ගොවි පවුල් 1500 කට පානීය ජල පහසුකම් ලැබෙනු ඇත.
මෙම ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාව පානය කිරීමට ගන්නා ජලය බීමට සුදුසු මට්ටමක නොවීමත්, එම ජලය පානය කිරීම වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව බව සොයා ගන්නා ලදී. එම නිසා
රජරට ජනතාවට බීමට සුදුසු පානීය ජලය ලබාදීම තම යුතුකම බව තේරුම්ගත් රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර ජනතා නියෝජිතයකු ලෙස තමා බලයට පත්වීමත් සමගම එම ප්‍රදේශයේ ජනතාව නිරෝගිමත් ජනතාවක් කිරීමේ අරමුණින් “නිල්දියවර” ජල ව්‍යාපෘතිය යටතේ ජල පවිත්‍රාගාර ඉදිකිරීම සඳහා මුල්විය.