පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    “සිපිරි හරිත දනව්ව” නමින් පැළ 5000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්

    අප්‍රේල් 01, 2021

    බන්ධනාගාරගත වන රැඳවියන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් පොල් සහ පළතුරු පැළ වගා කිරිමේ “ සිපිරි හරිත දනව්ව” කාලීන විශේෂ රුක්රෝපණ
    ව්‍යාපෘතිය බන්ධනාගාර තුළ දීපව්‍යාප්තව ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සුදානම් කරමින් පවතී.

     

    ඒ සඳහා බන්ධනාගාර එළිමහන් සිර කඳවුරු වන පල්ලේකැලේ, අනුරාධපුර, තල්දෙන සහ පල්ලන්සේන ද බන්ධනාගාර වැඩ කඳවුරු වන වටරැක, මිතිරිගල, කන්දෙවත්ත, පිටබද්දර, කදුරුගස්ආර, වීරවිල, වාරියපොළ, කුරුවිට, අඹේපුස්ස සහ හංගිලිපොළ තුළ වගා නොකළ භූමි ප්‍රමාණයන් යොදාගනිමින් පැළ 5000 ක් දීපව්‍යාප්තව වගා කිරීමට අපේක්ෂිතය.

     

    ඒ අනුව පැළ 250 ක් සිටුවමින් එහි සමාරම්භක උත්සවය බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු බන්ධනාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම මස 03 වන (සෙනසුරාදා) දින පෙ.ව.10.30ට යෙදෙන සුභ මොහොතින් පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේදි ආරම්භ කිරිමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya