ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, තන්තිරිමලයේදී වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙරට තෙවැනි විශාලතම ජලාශය ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කරමින්ය.
දිස්ත්‍රික්ක තුනක පානීය ජල අවශ්‍යතාවන් හා අක්කර 35280 ක් දෙකන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය වාරී ජල අර්බුදයට විසඳුම් ලබා දෙමින්, මෙරට දෙවන විශාලතම ගංගාව වන මල් වතු ඔය ඇසුරින්, වාරී මාර්ග දෙපාර්තමේන්තුව තුන් වැනි විශාලතම ජලාශය ඉදි කිරීමේ කටයුතු වාරී මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.
දීර්ඝ කාළයක් මුළුල්ලේ වියළි කළාපයට අයත් අනුරාධපුර, වව්නියාව සහ මන්නරාම් දිස්ත්‍රික්ක ව ජනතාව දරුණු ලෙස පීඩාවට පත් වූ උග්‍ර පානීය සහ වාරී ජල අර්බුදයට විසදුම් ලබා දීම සඳහා යෝජනා වී තිබූ පහළ මල්වතු ඔය ජල ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු මෙලෙස විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, තන්තිරිමලය, බෝගොඩදී සමාරම්භ කෙරිණි.ඉදි කිරීමට යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169 000 ක් වන අතර, ප්‍රධාන බැම්මේ දිග කිලෝ මීටර 3.6 කි.බැමේමේ උස මීටර 23.5 ක් පව අතර, අරීය ගේට්ටු දහයකින් පිටවාන සමන්විත වේ.
මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13 225 වගා ප්‍රදේශ වල වගා තීව්‍රතාවය 1.2 සිට 2 දක්වා ඉහළ නැංවීම, හෙක්ටයාර 1 053වගා ප්‍රදේශය සඳහා යල මහ දෙකන්නයටම වාරී පහසුකම් සැපයීම, පානීය ජල සම්පාදනය සඳහා පිරිසිදු ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, ධාරිතාව ගිගාවොට් පැය 468 ක විදුලි බලය නිපදවීම, ජලය මත පාවෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති හදුන්වාදීම, බලපෑමට ලක්වන්නන් සඳහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති හා අනෙකුත් ප්‍රතිලාභ , උස්සාන වාරී මාර්ග යටතේ වගා බිම් සංවර්ධනය, ජලාශයට පහළින් වව්නියා හා මන්නාරම් දිස්ත්‍රික්ක වල ගංවතුර පාලනය, ඉදි කිරීම් කාළය තු රැකියා නිර්මාණය කිරීම, සංචාරක ක්ෂ්‍රේත්‍රය දියුණු කිරීම, මිරිදිය ධිවර කර්මාන්තය සංවර්ධනය කිරීම, වන වගා ඇති කිරීම ආදිය පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලෙස හිමිවේ.
එහිදී දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු නව ස්කැවේටර් යන්ත්‍ර වාරී මාර්ග අමාත්‍යයතුමන් විසින් වාරී මාර්ග දෙපාර්තමේන්තුවට භාර දීම සර්ව ආගමික වතාවත් මැද සිදු කෙරුණු අතර, එම ස්කැවේටර් යන්ත්‍ර මගින් පහළ මල් වතු ඔය ජලාශය ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කිරීමද ආරාධිතයින්ගේ සුරතින් සිදු කෙරිණි.මීට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කෙරිණි.
අනතුරුව උත්සව සභාව සමාරම්භ කෙරුණු අතර, එහිදී අදහස් දැක්වූ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, ගරු තන්තිරිමලේ චන්දරතන නාහිමියන් කියා සිටියේ වසර ගණනක් දුටු සිහිනයක් යථාර්ථයක් වන බවයි.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
අද අපි හැමෝටම ඉතාමත් වාසනාවන්ත දවසක්, මගේ ජීවිතෙත් මම අද ඉතාමත් සතුටු වෙන දවසක්,මගේ වයස අවුරුදු 42 යි,අවුරුදු 21 ක් පාර්ලිමේන්තු හිටපු මගෙන් කවුරු හරි ඇහුවොත් වැඩියෙන්ම සතුටු වෙන දවස කවද්ද කියලා ඇහුවොත්, ඒ තමයි අද දවස, ඒකට හේතුව තමයි, පහල මල්වතු ඔය ජලාශය ගත්තම කළාවැව වගේ පස් ගුණයක් විශාල ජලාශයක් තමයි මේ නිර්මාණය වෙන්නෙ, මේ ජලාශය හැදුවම වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ අපිට නෙමෙයි,මන්නාරමට, වව්නියාවට.අනුරාධපුරයේ අපිට පුළුවන්කම ලැබෙනවා නැවත වතාවක් ඉතිහාසයට ගියහම, අනුරාධපුරය කියන්නේ හැමෝටම, ශක්තියක්, හයියක් වෙන පළාතක් කියන එක ඔප්පු කරන්න.අපි කළාවැව වගේ පස් ගුණයක් ලොකු ජලාශයක් හදලා ඒ හරහා ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ අනාගතය වෙනුවෙන් ආදර්ශයක් ලබා දෙනවා.මේ ව්‍යාපෘතිය 1960 දී තමයි ශක්‍යතා වාර්ථාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ, ඒ කියන්නේ දැනට අවුරුදු 60 කට කලින්, මෙය ඉදි කර ගැනීමට හැමෝටම වුවමනාවක් තිබ්බත්. සාමාන්‍යයෙන් අපේ රටේ ඇමතිවරයා ඉන්න ප්‍රදේශයට තමයි ඇමතිවරයාගේ උනන්දුව තියෙන්නේ, මේක රටේ වරදක් එදා ඉඳන්ම සිද්ධ වුණ.ඇමතිවරයා මාරු වුණාම ඒ ව්‍යාපෘති නවතිනවා.මම 2015 කෘෂිකර්ම ඇමතිවරයා බවට පත් වුණාට පස්සේ, 2018 වාරී මාර්ග අමාත්‍යයවරයා ලෙස මම කිව්වේ මගේ තියෙන ලොකුම හීනය තමයි පහල මල්වතු ඔය ජලාශය නිර්මාණය කිරීම කියලා.
අපි මේ ව්‍යාපෘතිය සැලසුම් කරන කොට උද්ඝෝෂණ ආවා, ව්‍යාපෘතියට විශාල මුදලක් වැය කරලා, උපන් බිමේ අයිතිය නැති වෙන ජනතාවට සුළු මුදලක් ගෙවලා ඒ අය වෙන තැනක අපි පදිංචි කරනවා, මම එදා නිළධාරීන්ට උපදෙස් දුන්නා එහෙම කරන්න එපා,ඔවුන්ට නිවාස හදලා දීලා, වගා කරන්න භූමිය හදලා දීලා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් වෙන විදිහට තමයි මේ ව්‍යපෘති සැලසුම් වෙන්න ඕන,ඒ සියලු මුදල් මේ ව්‍යාපෘතියට ඇතුළත් විය යුතුයි.උපන් බිමේ අයිතිය උදුරලා ගන්නවා නම් ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඒ ජනතාවට සහන ලබා දිය යුතුයි.ඒ අයුරින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා.
ඒ වගේම මෙම ජලාශයෙන් මෙගා වොට් 1.5 ක ජල විදුලි බලාගාරයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා,මේ ව්‍යාපෘතිය අවසානයේ පාවෙන සූර්ය බලාගාරයක් මේ ජලාශයේ හදන්න පුළුවන්කම තියෙනවා යැයි පැවසීය.
එහිදී අදහස් දැක්වූ වාරීමාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා,
මෙම ව්‍යාපෘතිය ඉලක්ක කර ගත්ත පරිදි, ඉතාම කෙටි කලකින්, වසර 03 ක් ඇතුළත ඉටු කරන්න හැකි වෙනවා, යන්ත්‍ර ඔක්කොම එකට වැඩ කරන කොට කඩිනමින් නිමා කරගන්න පුලුවන් වෙයි, මේ සඳහා අලුතින්ම ස්කැවේටර් 06 ක් ලැබුණා.එයත් මේ ජනතාවගේ වාසනාව,මමත් නියෝජනය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඉතාම සුක්ෂ දිස්ත්‍රික්කයක්, එහේ ජනතාවත් ඉල්ලන්නේ ජලය,අපි දැදුරු ඔයේ විදුලිය නිෂ්පාදනය කරන්න හෙට ආරම්භ කරනවා.දැදුරු ඔය බලන්න ගියහම ලොකු විරෝධතාවයක් ආවා ඒ දවස් වල, පොලීසියේ වාහන දෙක තුනක් කුඩු කළා, ඒ වෙලාවේ වාරී මාර්ග නිළධාරීන්ට කිව්වේ මේකට උත්සව වැඩක් නෑ, හෙටම වැඩ පටන් ගන්න කියලා, වැව් කණ්ඩියට යටවෙන පවුල් දෙකක් හිටියා ඒ අය ජලාශය හැදෙනවාට කැමතියි.ජනතාව ඒ පරිත්‍යාගයට කැමති වුණා.අපිට අවුරුදු 03 ක් වගේ කෙටි කාළයක් තුළ විශාල ජලාශයක් හදන්න පුලුවන්කම ලැබුණා.ඒ මගින් පවුල් 27 000 කට පමණ සෙත සැලසෙනවා.භය වෙන්න දෙයක් නෑ, සහල් නැලිය හැටියට ප්‍රසිද්ධ මන්නාරමේ යෝධ වැවට දෙකන්න වගා කරන්න ජලය සපයන්න අපිට පුලුවන්කම ලැබෙනවා.අපි අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න ඕන, අපි හැමෝටම තියෙන්නේ එක හා සමාන ප්‍රශ්න.
වැල්ලවාය, හම්බේගමුව ප්‍රදේශවල ජනතාවත් නියං කාළයට දුක් විදිනවා ජලය නොමැතිව, ඒ නිසා අපි උමා ඔය පටන් ගත්තා, අපිට වැඩ අවසන් කරන්න තිබ්බේ 2015 නොවැම්බර් මාසයේ, විවිධ හේතූන් නිසා අදත් අපිට ඒක අවසන් කරන්න බැරි වෙලා තියෙනවා.උමා ඔයේ වැඩ දැනට 90% කට වැඩිය අවසන් වෙලා තියෙනවා, ඒ අතරෙත් ජලාශ රාශියක් හැදෙනවා. පහළ ඌව ප්‍රදේශයේම ජල ප්‍රශ්නය විසදෙනවා.
හැම තැනම ජනතාව ඉල්ලන්නේ ජලය, ජලය ඉල්ලන ජනතාව තමයි ජලයේ වටිනාකම දන්නේ, ජලාශ හැදුවාම, අනිත් අයට පානීය ජල යෝජනා ක්‍රම හැදිලා ගෙදර කරාමය ඇරියම ජලය ලැබෙනවා, වතුරේ අමාරුව දුක් විදින එක දන්නේ නෑ,ඒ අය වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය, වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන.
මේ ජලාශය සඳහා ලොකු පරිත්‍යාගයක් කරනවා පවුල් 204 ක්, අපි මේ 204 සම්පූර්ණ වගකීම භාර ගන්නවා, ඒ අයට අවශ්‍යය සියලුම දේ දෙනවා, අපි දෙකන්නයක් වගා කරන කොට, උස්සාන ක්‍රමය මගින් මේ රටේ ජනතාවට අවශ්‍යය ආහාර නිෂ්පාදනය කෙරෙන කොට, අර පවුල් වලට අපි හොඳම ඉඩම් ටික දෙනවා,අපි ගෙවල් හදලා දෙනවා.අපි ඒ අයගේ පරිත්‍යාගයට උපකාරයක් කරන්න ඕන,රටට අවශ්‍යය අහාර සපයන්න පරිත්‍යාග කරන අයගේ ආශිර්වාදය අපිට අවශ්‍යය වෙනවා.ඒ අයට ප්‍රණාමය අපි පුද කරනවා.
සමහර වෙලාවට යල් පැණ ගිය නීතී නිසා වැඩ කරන්න බැරි වෙනවා, ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය කරන්නේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමයි, ඒ නිසයි අර පහුගිය කාළයේ අවශේෂ කැලෑ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණේ.මේ දිස්ත්‍රික්කයේ වගේම අපේ දිස්ත්‍රික්කයෙත් විශාල වශයෙන් ජීවත් වෙන්නේ හේන් ගොවිතැන් කරලා.ඒ අයට වෙනත් රස්සාවක් කරන්න පුළුවන් නම් හේන් කොටන්න යන්නේ නෑ,අපිට ලැබෙන තල, මෙනේරු කුරක්කන් ලැබෙන්නේ ඒ අය නිසා, ඒ අය විශාල ගස් කපලා හේන් කරනවා නම් ඒකට ඉඩ දෙන්නත් බෑ,ඒ නිසා ජනාධිපතිතුමන්ට මේ ප්‍රශ්නය කියන කොට දිසාපතිතුමන් භාරයේ තිබුණ අවශේෂ කැලෑ 2001 වර්ෂයේ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත්තේ, ඉන් පසු අවුරුදු 25 ක් 30 ක් ගියාට පස්සේ විශාල ගස් හැදිලා තියෙනවා.නමුත් ඒ ගස් වලටත් හානි නොකර නැවත වරක් හේන් ගොවිතැන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.කන්නයක් හේන් ගොවිතැන් කලොත් කන්න දෙකක් නිකං අත්හැරලා දාන්න කියලා තියෙනවා.මේ හැම දේම කරන්නේ ජනතාවට ආදායම් මාර්ග සලස්වන්න යැයිද පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍යය අමාත්‍යයවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස් කුමාරසිරි, උද්ධික ප්‍රේමරත්න, ඉෂාක් රහුමාන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් හා රාජ්‍යය නිළධාරීන් එක්ව සිටියහ.