පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    විභාග දෙපාර්තමේන්තු පෞද්ගලීකරණය වන බවට සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි- විභාග කොමසාරිස් ජනරාල්

    මාර්තු 31, 2021

     විභාග දෙපාර්තමේන්තු පෞද්ගලීකරණය වන බවට සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පවසයි.

    ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු පරිගණක ගත කිරීම සිදු වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තුළ දී අභ්‍ය්තර කාර්ය මණ්ඩලයක් මගින් වේ. ඒ්සඳහා අන් කිසිදු පෞද්ගලික් ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් සම්බන්ධ කර නොගන්නා බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

    ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ සිදු කරන වැඩසටහන්ද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරින් විසින් සිදු කරයි. විභාග දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය බහිර පාර්ශවයක් වෙත ලබා දිමක් සිදු නොවන බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya