පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    රටේ දරුවන්ට රැකියා උත්පාදනය කළහැකි කර්මාන්ත සඳහා අයෝජනය කරන ලෙස ආරාධනයක්

    අප්‍රේල් 01, 2021

    රජයෙන් ලබා දෙන අඩුපොළී බැංකු ණය සහනය ප්‍රයෝජනයට ගනිමින් මේ රටේ දරුවන්ට රැකියා උත්පාදනය කළහැකි කර්මාන්ත සඳහා අයෝජනය කරන ලෙස , ස්වදේශීය ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට තමා පොදු ආරාධනයක් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

     

    සෞභාග්‍යයේ දැක්ම රජයේ වැඩපිළිවෙළට අනුව යමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් ඉදි කළ කර්මාන්තපුරයන්හි ඉඩම් ඔප්පු ලබා දීම වෙනුවෙන් (31) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

    මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති සංචාරක ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර වසංගතය තත්වය හමුවේ පසුබා ඇති මොහොතක මෙවැනි දේශීය ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ මෙරට වාහන, රෙදි කර්මාන්තය,වානේ කර්මාන්තය වැනි බොහෝ කර්මාන්ත තිබූ බවත් ස්වදේශීය කර්මාන්තකරණයට හිතකර රාජ්‍ය තාන්ත්‍රයක් බිහි වී තිබූ බවයි. ඒ් අනුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ,කර්මාන්ත ක්ෂේත්‍රය අතිනුත් ශක්තිමත් කර යුතු බව තේරුම් ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද කර්මාන්ත ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමු කර ඇත. ආනයනය සීමා කිරීම තුළින් අද වන විට දේශීය වෙළෙඳපොළ තුළ දේශීය ව්‍යාවසායකයනට විශාල අවකාශයක් නිර්මාණය වී ඇති බවද බවද අමාත්‍යවරයා කීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා පැවසුවේ වසංගතයක් මධ්‍යයේ වුවද දේශීය ව්‍යවසායකයන් අභියෝගය භාරගනිමින් නව කර්මාන්ත ඇරඹීම සඳහා ව්‍යාපෘති වාර්තා 160ක් පමණ තම අමාත්‍යංශයට ගෙනැවිත් භාර දුන් බවයි. මෙම නව කර්මාන්ත ඇරඹීමෙන් මෙරට ආයෝජනය කරන මුදල් ප්‍රමාණය බිලියන 45ක් පමණ වේ. අපේක්ෂිත රැකියා ප්‍රමාණය 11,500ක් වේ.කටුනායක සහ කඳාන ප්‍ර දේශ වල මෙවැනි කර්මාන්තපුර පිහිටුවීමට මේ වන විටත් කටයුතු සැළසුම් කර තිබේ. මෙම කර්මාන්ත කරුවන්ට විශේෂ පොළී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව සොයා බලමින් සිටින බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya