පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි

    අප්‍රේල් 01, 2021

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබිණ.

     

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

    කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.

    කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.

    විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

    කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya