මේ සම්බන්ධව දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය හා ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති බවට ඊයේ දිනයේ දී (31) බොහෝ මාධ්‍ය විසින් ප්‍රවෘත්ති පළ කර තිබිනි.
ඊයේ පස්වරුවේ (31) පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළීබඳව හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යංශවල ලේකම් හා රාජ්‍ය ලේකම් සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
එහිදී මෙම රොන් මඩ සහිත පස් තොගය ඉවත් කර තිබෙන්නේ 2018 දී ධීවර අමාත්‍යාංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියෙන් බව අවධාරණය විය. නමුත් දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද, ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බව අවධාරණය කරනු ලැබීය.
මෙම ගැටළුවට විසඳුමක් ලබා දීමක් වශයෙන් මෙම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
මෙම කටයුතු ප්‍රමාද නොකරන ලෙසත් මෙම සතිය තුළම නිලධාරින් පිරිසක් යවා ඊට අදාලව පියවර ගෙන තමන්ට වාර්තා කරන ලෙස ද ලේකම්වරයා උපදෙස් දුන්නේය. මෙම පියවර සාර්ථක වුවහොත් මෙම ගැටළුව එතැනින්ම අවසන් කළ හැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ හා එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.