පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

    අප්‍රේල් 01, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතියක කාලසීමාව තුළ නැගෙනහිර, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක පමණ ප්‍රමාණයක් පුද්ගලයින් හා කිමිදුම් උපකරණ සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ නියැලෙන ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් සාගරික පරිසරයට සිදු වන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු කළාපය ආවරණය වන පරිදි දිවා රාත්‍රී මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.

    එලෙස මුරසංචාර වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උතුරු මැද නාවික විධානය විසින් වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ ඉරණතිවු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 6878ක පමණ ප්‍රමාණයක්, පුද්ගලයින් 53 ක්, ධීවර යාත්‍රා 11 ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

    එමෙන්ම, වයඹ නාවික විධානය විසින් අරිප්පු, කොන්දච්චිකුඩා සහ කල්පිටිය මුහුදු ප්‍රදේශයේත්, උතුරු නාවික විධානය මඟින් අල්ලප්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේත්, නැගෙනහිර නාවික විධානය මඟින් සල්ලිමුනේ මුහුදු ප්‍රදේශයේත් සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 3341ක පමණ ප්‍රමාණයක්, පුද්ගලයින් 22 ක්, ධීවර යාත්‍රා 07 ක් සහ ඒ සදහා භාවිතා කළ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, නාවික හමුදාව විසින් 2021 පෙබරවාරි මස 16 වන දින සිට මාර්තු මස 30 වන දින දක්වා නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ ගිණිකොන නාවික විධාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් ගණනාවක් මගින් වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර මත්ස්‍යයින් හා වරල් ලඟ තබා ගැනීම, තහනම් ප්‍රදේශ වල ධීවර කටයුතු සිදු කිරීම, නීති විරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් ලඟතබා ගැනීම යන නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් 128 ක් සහ ධීවර යාත්‍රා 41 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 17 ත් 61 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය, පේදුරුතුඩුව, ලුණුවිල, තොඩුවාව, මීගමුව, ගන්දර, කුච්චවේලි, සෙන්දූන්, කින්නියා, පොතුවිල්, කුදිරවේලි, කාරඩිකුලයි, කල්පිටිය, ජින්නමුහම්, සිලාවතුර, පුත්තලම, මන්නාරම, අල්ලපිඩ්ඩි, චීන වරාය, අරිප්පු, කන්දක්කුලිය, නච්චිකුඩා, සල්ලිසාම්බල්තිව්, ගුරුනගර්, තලෙයිමන්නාරම, පොඩුවකට්ටු, වන්කාලේ, මූතූර්, කිරන්චි, සිවපුරම්, මුලන්කාවිල්, අම්බලන්තොට සහ තිස්සමහාරාමය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි.

     

    කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මන්නාරම සහ මූතූර් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත් කුච්චවේලි, පුත්තලම, කල්පිටිය, පුනරීන්, සිලාවතුර, යාපනය සහ කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, කල්පිටිය, කයිට්ස් සහ ත්‍රිකුණාමලය පොලිස් ස්ථාන වෙතත්, පේදුරුතුඩුව හා පොතුවිල් ජලජීවී සංවර්ධන අධිකාරි කාර්යාල වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya