ඔහු මේ බව පැවසුවේ අද දින (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අද උදෑසන වන විට අප රටෙහි සමස්ථ කොවිඩ් ආසාදිතයින් 92706ක්ද, ඉන් 3000කට අඩු ප්‍රමාණයක් ඒනම් 2887ක් ප්‍රතිකාර ලබමින් සිටින බව ද මේ වන තෙක් කොවිඩ් හේතුවෙන් මිය ගිය ගණන 568ක් සහ මෙතෙක් සුවය ලැබූවන් 89251ක් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය. ඊයේ දිනයේදී කොවිඩ් රෝගීන් 264ක් හදුනාගත් අතර මේ වන විට කොවිෂීල්ඩ් ඒන්නත රටේ ජනගහනයෙන් 919753කට ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.
මේ වන විට අප රටෙහි කොරෝනා රෝගීන් වාර්තා වීම අඩුවීමක් දක්නට ඇති අතර ඒයට හේතුව පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමේ අඩුවක් නිසාද යන්න ඇතමුන් අතර සැකයක් පැවතියද ඒයට හේතුව වනුයේ රෝගීන් අඩුවීම නිසා ආශ්‍රිතයන් අඩු වීමත් ආශ්‍රිතයන් සදහා සිදුකළ යුතු පී සී ආර් ප්‍රමාණය අඩුවීමත් බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කිසිසේත් සමාජයේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම අඩුකර නොමැති බවයි. ඒනම් රෝගය පැතිරී යා හැකි යැයි සැක සහිත අවධානම් ස්ථාන වල අහඹු වශයෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකරන බවයි.
තවත් සති දෙකකින් ඒළඹීමට නියමිත අලුත් අවුරුද්දත් සමග කොළඹ නගරයෙහි සේවය කරන විශාල පිරිසක් ගම් රටවල් බලා ගමන් කරන අතර ඒහිදී ආර්ථික ප්‍රවර්ධන කලාප ආදියෙහි සේවය කරන්නන් වැනි පිරිස් අතර ආසාදිතයන් සිටියහොත් ඔවුන්ගෙන් ගම් කරා රෝගය පැතිර යා හැකි බැවින් කොළඹින් පිටවන්නන් සදහා අහඹු පී සී ආර් පරීක්ෂ සිදුකිරීමට අපේක්ෂිත බවද වෛද්‍යවරයා කියා සිටියේය.
අවසන් කොවිඩ් රෝගියා හදුනාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ඉලක්කගතව සහ විද්‍යාත්මකව පී සී ආර් පරීක්ෂණ සිදුකරන බව සිහිපත් කළ සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට සම්පූර්ණයෙන්ම කොවිඩ් 19 රෝගයෙන් නිදහස් වන තුරු දිගින් දිගටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනා ලෙසයි.
කොවිෂීල්ඩ් ඒන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම මේ වන විට අඛණ්ඩව සිදුවන බවද, යම් ලෙසකින් රෝගය නිසා මරණ අඩුවීමට මෙන්ම අවදානම් ජන කණ්ඩායම් වලට ඒන්නත ලබාදීම මගින් ඔවුන් අතර රෝග ව්‍යාප්තිය අඩු කිරීමටද ඒන්නත දායක වී ඇති බව වෛද්‍යවරයා සිහිපත් කළේය.
ඊයේ දිනයේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් ඒන්නත මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ලැබුණු අතර ඉන් ලක්ෂ 03කට ඒන්නත ලබාදිය හැකි අතර මෙහිදී චීන රජය කළ ඉල්ලීමක් සලකමින් ප්‍රථමයෙන් ඒම ඒන්නත මෙරට සේවය කරන චීන ජාතිකයින් හට කොළඹ, මහනුවර, පුත්තලම, හම්බන්තොට ආදී ප්‍රදේශ වලදී ලබාදීම සිදුකරන බවද පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන්ට ඒන්නත ලබාදීම විශේෂඥ කමිටු උපදෙස් මත ඉදිරියේදී සිදුකරන බවද ස්පුට්නික් 05 ඒන්නත සදහා මෙරටින් ඇණවුමක් ලබාදී ඇති අතර ඉදිරියේදී කඩිනමින් ඒය අප රටට ලැබෙනු ඇති බවද කියා සිටියේය.
ඒන්නත ලැබී ඇති වුවද නොමැති වුවද ජනතාව දිගින් දිගටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව වෛද්‍යවරයා පැවසුවේය.
අවුරුදු ක්‍රීඩා වලදී නව සාමාන්‍ය ක්‍රමයක් අනුගමනය කළ යුතු අතර අවුරුදු චාරිත්‍ර කුඩා පිරිසකට සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග සිදුකරමින් මෙවර අවුරුදු සමරන ලෙසද සාප්පු සවාරි යෑමේදී අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට අවධානය යොමු කරමින් සෙනග ගැවසෙන ස්ථාන මගහරිමින් කටයුතු කරන ලෙස මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වෛද්‍යවරුන් විශේෂයෙන් අවධාරණය කළේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඒස් ඒම් ආනන්ද මහතා, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම යන විද්වත් මඩුල්ල සහභාගී වූහ.