අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ යෝජනාව සම්මතවෙලා පැය 12ක් යන්නටත් පෙර ශ්‍රී ලංකාව පිළිබඳ සොයන්නට අවශ්‍ය යාන්ත්‍රණය සඳහා නව තනතුරු 13කට අයදුම්පත් කැඳවා තිබුණා. මේ යාන්ත්‍රණය සඳහා වෙන්කොට තිබෙන මුදල ඇමෙරිකානු ඩොල්ර් 12.8ක්. මේ අතරේ මානව හිමිකම් කොමිසමේ ලේකම්තුමා ප්‍රසිද්ධියේ ම පැවසුවේ ඒ දේවලට සල්ලි ඔවුන් සතුව නැහැ කියලා. මේ පිළිබඳ සාක්ෂි කැඳවීමට ඇ.ඩො 72000ක්, විදේශ ගමන් සඳහා ඇ.ඩො. 41500ක් වෙන්කරලා තිබෙනවා. ඇන්ටන් ගෑෂ් වාර්තාව හදන්නට ලන්ඩනයේ හෝ වෙනත් රටවල සිට ලංකාවටවත් නොපැමිණ කටයුතු කරලා තිබෙන්නේ. ඒවා සම්මත කරලා රටට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඒවගේ ම ඒ වාර්තාවේ කියනවා මීට ඉදිරිපත් කරපු සාක්ෂි අවුරුදු 20ක් වනතුරු බලන්නට නොදෙන බව. ඒ සියල්ල හංගනවා. මුහුණක් නැති හඬක් නැති අයගේ කටින් පිටවන දේට අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා. මේවා සාධාරණත්වයට අනුකූල නැහැ. ඇඩෙලා බාලසිංහම් කිසිදු ගැටලුවකින් තොර ව සැප විඳිනවා. ඒ අතර ගෑෂ් ඇ.ඩො. මිලියන 2.8ක් විදයම් කරනවා සත්‍ය සොයන්න කියලා. ඒ නිසා රටට විරුද්ධ ව තිබෙන මේ කුමන්ත්‍රණ පරාජය කරන්නට අපි රටක් ලෙස එකතු විය යුතු යි.
ඒවගේ ම මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමඟ ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා පැවසුවා මේ වාර්තාවල තිබෙන සියල්ල අපට හෙළි කළ යුතු යි කියලා. එහි විනිවිදභාවයක් තිබිය යුතු යි කියලා. ඔව් රට වෙනුවෙන් විපක්ෂය පවා ඉදිරිපත් විය යුතු යි. අපි සියලු දෙනා එකතු වී මේ ගැටලුවට මුහුණ දිය යුතු යි.
නීතිඥයන් ලෙස ඔබතුමන්ලාට සුවිශේෂී කාර්යභාර්යයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඔබ නීතිඥයන් වශයෙන් බොහොම ස්වාධීන ව ජීවත්වන කොටසක්. ඔබ මැදහත්ව සිතන තීන්දු තීරණ ගන්න කොටසක්. ඔබගේ සහයෝගය මේ සම්බන්ධ ව ඉතා වැදගත් වෙනවා. ඉදිරි මාස 03 තුළ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත පනත් සියල්ල අධිකරණ අමාත්‍යංශයටයි එන්නේ. ඔබට හැකියාව තිබෙනවා අපේ රටේ නීති පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සඳහා මඟ පෙන්වීම් කරන්නට. අවුරුදු 10ක් තිස්සේ වෙලා නැති නීති සැකසීම, සංස්කරණය හෝ වෙනස් කිරීම සඳහා දැන් කාලය ඇවිත්. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අපෙක්ෂා කරනවා. මේ ගැටලුවට අපි එක් වී මුහුණ දෙමු. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්වරුන්, මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, ප්‍රේමනාත් දොලවත්ත මහත්වරුන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ඩබ්. දයාරත්න, අතුල ද සිල්වා, විජයසිරි අඹගහවත්ත මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් වූහ.