නුවරඑළිය මහා නගර සභාව මගින් වාර්ෂිකව පවත්වන මෙම වසන්න උත්සවය ගිය වසරේ කොවිඩ් රෝග හේතුවෙන් පැවැත්වීමට නොහැකි වුවත් මෙවර කොවිඩ් මර්ධනය සඳහා වන සෞඛ්‍ය නිති රිති වලට අනුගත වෙමින් ආරම්භ විම විශේෂිතය.
නුවරඑළිය මහා නගර සභාවේ පුරපති චන්දන ලාල්කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම ආරම්භක උත්සවය සඳහා ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථාන සහ කළායතන නියෝජනය කරමින් සංස්කෘතික අංග ඉදිරිපත් කළ අතර ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක සංදර්ශණ ඉදිරිපත් කිරීම සිදු විය.
මෙවර ආරම්භක උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, මහ ජනතාව විශාල පිරිසක් එක්වසිටිහ.
DMU- Nuwara-Eliya