පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සේවා සපයන සියලු ආයතන සම්බන්ධීකරණය කරන ජාතික කවුන්සලයක් අවශ්‍යයි

    අප්‍රේල් 03, 2021

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සේවා සපයන සියලු ආයතන සම්බන්ධීකරණය කරන ජාතික කවුන්සලයක් ස්ථාපිත කළ යුතු බව පුවක්පිටිය ජයවිරු සෙවණ ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සේවා සපයන ආයතන ගණනාවක් තිබෙන අතර මේ සියලු ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනැගීම වැදගත්වන අතර ඒ සදහා ජාතික කවුන්සිලයක් සකස් කර ඒ සම්බන්ධීකරණයක් සිදුකර එම සියලු ආයතන ලියාපදිංචි කර නියාමනයකට ලක්කල හැකි ක්‍රමවේදයක් සැකසීම වැදගත්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දෙමාපිය භාරකරුවන් අහිමි මන්ද මානසික දරුවන් සදහා රැකවරණ සලසන පුවක්පිටිය උතුරු අම්බලන්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජයවිරු සෙවණ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකරනු ලැබූ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කාලයක් තිබුණා ආබාධිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පවුලට ආ විට හංගගෙන ජීවත්වන තත්වයක්. නමුත් එසේ අවශ්‍ය නැහැ. එය කාගෙන්වත් වරදකින් සිදුවූවක් නොව සමහරවිට අපට වලක්වාගත නොහැකිවූ අවස්ථා තිබෙනවා. සමහරවිට පරිසරයේ ඇති යම් යම් කාරණ නිසා විය හැකියි. ඒ නිසා දරුවන් සමග ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවන්න දෙමාපියන්ට අවශ්‍ය සවිබල ගැන්වීම සිදුකල යුතුයි. විශේෂයෙන් ආර්ථික සවිබල ගැන්වීම සිදුකිරීම වැදගත් බව සදහන් කළාය.

    මෙම අවස්ථාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි තේරීමක් සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට මේ කර්තව්‍යයන් බාරදීල තියෙනවා. එය කිව යුතුයි. මේ කටයුත්තට මේ සියල්ල වගකීම් මැද්දෙ බුද්ධිමය වශයෙන් තියෙන නිපුණතාවය අත්දැකීම් සම්භාරයත් ඒවගේම මහජනතාවට සේවය සලසන්න තියෙන උවමනාවත් නිසා කාලය වෙන්කර ගෙන මේ කර්තව්‍යයන්ට සහභාගීවීම සහ ඒ සදහා ලබාදෙන නායකත්වයත් වැදගත්. ඔබතුමිය විශාල වැඩකොටසක් මේ කාල සීමාව තුල කරගෙන යනවා ජාතික
    වශයෙන්. අපි ඒක අගය කරන්න ඕන. ජයවිරු සෙවණ යනු ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව සතු
    භාරකරුවන් අහිමි බුද්ධිමය ඌනතා සහිත දරුවන් සදහා වන රාජ්‍ය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන එකම රැකවරණ මධ්‍යස්ථානයයි. මෙහි ඉදිකල නව දෙමහල් ගොඩනැගිල්ල සදහා රු.මි. 54ක වියදමක් දරා ඇති අතර නේවාසිකයින් 50කට එහි පහසුකම් පවතී. මෙම රැකවරණ මධ්‍යස්ථානයෙහි වයස අවුරුදු 14 සිට 65 දක්වා වයස් පරාසයක පිරිමි පුදගලයින් 80ක පිරිසක් දැනට රැකවරණය ලබයි. ඒ අනුව
    සමස්ථ ධාරිතාව 130ක පිරිසකට රැකවරණ පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇත.

    මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සුමිත් සොයිසා, සීතාවක ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත රෝහණ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya