පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    අලුත් සහල් මංගල්‍යය අද ඓතිහාසික අනුරාධපුරයේ දී

    අප්‍රේල් 03, 2021

    ගොවින් විසින් තම දහඩිය වගුරවා ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උතුම් උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර එය පැවැත්වෙන්නේ 54 වන වරටයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදු කරන මේ මහා මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ අද (අප්‍රේල් මස 3) සහ 4 යන දෙදින තුලයි. දිස්ත්‍රික් 25 න්ම රැස්කරගත් සහල් එදින ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට පුජා කෙරේ. කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍යංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය පවත්වන බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් පී.ජී.එස්.එන්. ප්‍රියදර්ශනී මහත්මිය පැවැසී ය.

    අද (අප්‍රේල් 3 වන දින ) උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරවිමෙන් උත්සවය ආරම්භ වේ. පසුව හේවිසි පුජාවක් හා විවිධ ආගමික වතාවත් සිදු කිරිමට නියමිතයි. ඉන් අනතුරුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස දී 3 වනදා රාත්‍රිෙය් සර්ව රාත්‍රික පිරිත් දේශනාව පසුදා පහන් වන තුරු පැවැත්වේ.

    අප්‍රේල් 4 වන දින උදෑසන කිරි ආහාර පූජාව පැවැත්වෙනු ඇති. මහා සංඝරත්නයට හීල් දානය පිළිගැන්විම ඉන් අනතුරුව සිදු වේ. පසුව උත්සවයේ වැදගත්ම අවස්ථාවක් ලෙස අලුත් සහල් පෙරහැර සිංහ කනුව අසලින් ආරම්භ කෙරෙනු ඇති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තබා ඇති විසල් පාත්‍රයට අලුත් සහල් පිරවිම ආරම්භ කරන්නේ අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ විසිනි. ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා මීට සම්බන්ධ වේ. ආගමික වතාවත් වලින් අනතුරුව ලංකාරාමධිකාරි පුජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවක් ද පැවැත්වේ. අලුත් සහල් මංගල්‍ය නිමිතකරගෙන සම්පාදිත සඟරාව පිළිගැන්වීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.
    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මීපැණි හා ගිතෙල් පූජාවක් ද පැවැත්වෙයි. පලාත් 9 යේ ගොවි සංවිධානවලට පිරිත් කරන ලද බිත්තර වි බෙදා දිම ද අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරෙනු ඇති. මහා සංඝරත්නය, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින්, මහ ජනතාව හා ආදි වාසින් මෙම අවස්ථාව සදහා සම්බන්ධ විමට නියමිතයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya